May 17, 2024

රන්ජන් දිගටම බන්ධනාගාරයේ - ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

අධිකරණයට  අපහාසය කළැයි තමාට පැනවූ වසර 4 සිරදඩුවම සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යළි සලකා බලන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ගොනු කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මන්ත‍්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතීඥ්‍යන් විසින් මෙම මෝසම ගොනු කර තිබිනි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනාවන්ට වරදකරු කරමින් රාමනායක මන්ත‍්‍රීවරයාට බරපතල වැඩ ඇතිව වසර 04ක සිර දඬුවම් නියම කර තිබේ.

ඔහු මේ වන විට රදවා සිටින්නේ අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේදීය.

Rate this item
(1 Vote)