May 05, 2024

විමල්ට ජවිපෙන් පිළිතුරු - ජවිපෙ විමල් වගේ ව්‍යාජ බෞද්ධයෝ නැහැ

විමල් වීරවංශ අමුතුවෙන් ජනතා විමුක්ති පෙරමුණට බෞද්ධකම ඉගැන්වීමට අවශ්‍ය නැති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ නියෝජනය කරන ව්‍යාජ බෞද්ධ දේශපාලන කඳවුර මෙන් නොව ජනතා විමුක්ති පෙරමුණ සැබෑ ලෙස ම බුදු දහමේ තිබෙන අදහස් එදා සිටම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ බව ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට සමාජ සාධාරණත්වය, පරිසරය සුරැක පෝෂණය කොට අනාගත පරපුරට දායද කිරීම, මනුෂ්‍යයාගේ අයිතීන්ට ගරු කිරීම ආදි සංකල්ප ජනතා විමුක්ති පෙරමුණට අමුතුවෙන් විමල් වීරවංශ කියා දිය යුතු නැති බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ සිය ජාතික මෙහෙවර ඉටු කිරිමේදී හැමවිටම මහා සංඝරත්නයේ ආශිර්වාදය මෙන්ම අනුශාසනාවන්ද ලබාගන්නා බව විමල් වීරවංශට මතක් කරදීමේ අවශ්‍යතාවයක් නැති බව ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේ "විමල්ගේ හිත යළි ජවිපෙට! අවුලයි,විසඳුමයි දෙකම කියයි"මැයෙන් පළවූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

අප සමඟ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ සංවාදයේ හඩ පටය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 March 2021 13:40