May 17, 2024

රන්ජන්ගේ සිරමැදිරිය ළඟ තිබූ දුරකථනය ගෙන්වා ගත් හැටි හෙළි වෙයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රන්ජන් රාමනායක මහතා රඳවා තිබෙන සිරමැදිරිය අසල බිම වළ දමා තිබියදී බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සොයාගෙන තිබෙන නවීන පන්නයේ ජංගම දුරකථනය කිසියම් පුද්ගලයකුට ඊසි කෑෂ් මඟින් රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවා ගෙන්වා ගත් එකක් බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී තිබේ.

එසේ මුදල් ගෙවා ගෙන්වා ගන්නා ලද දුරකථනයක් රාමනායක මහතා රඳවා සිටින සිරමැදිරිය අසල බිම වළ දමා ඇති බවට ලද තොරතුරකට අනුව පෙරේදා (15) බන්ධනාගාර බුද්ධි අංශය මඟින් සිදු කළ සෝදිසියකදී එම දුරකථනය එසේ සොයා ගෙන තිබිණි.

කිසියම් පුද්ගලයකුට රුපියල් ලක්ෂ පහක් ඊසි කෑෂ් ක්‍රමයට යවා එම දුරකථනය ගෙන්වා ගෙන ඇති බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කල බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

Rate this item
(1 Vote)