May 17, 2024

වැසිකිලි යන්න පුටුවක් ඕනෑ - රන්ජන් හිරගෙදර උපවාසයක

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණකොළපැලැස්ස බන්ධනාගාරය ඇතුළත ආහාර වර්ජනයක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

ඒ, තමන්ට වැසිකිළි යාම සදහා පහසු පුටුවක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

රන්ජන් රාමනායක මහතාගේ දණහිසේ කලක පටන් අපහසුතාවක් පැවතීම හේතුවෙන් සමාන්‍ය වැසිකිලියක සිය කර්තව්‍යයන් සිදුකර ගැනීම අපහසු වීම මත ඒ මහතා තමන්ට වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

නමුත් බලධාරීන් ඊට ප්‍රතිචාර නොදැක්වීමත් සමග රන්ජන් රාමනායක මහතා ආහාර ගැනීමෙන් වැළකී සිට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේවෙතත් රාත්‍රී ආහාරය සහ උදෑසන ආහාරය ලබා නොගැනීමට ඒ මහතා කටයුතු කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් වැසිකිළි යාම සදහා පුටුවක් ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

නමුත් පසුව එම වැසිකිළි පුටුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාට ලබා දීම ප්‍රතිකේෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)