May 18, 2024

සුපිරි ක්‍රිකට් තරුව ඉඩම් කොල්ලයක - බිරිඳ සීගිරියේ ඉඩම් හොරෙන් ලියාගෙන?

සිගිරිය ප්‍රදේශයේ වටිනා ඉඩම් නීති විරෝධි අයුරින් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩකයා ලෝකප්‍රකට හිටපු සුපිරි ක්‍රිකට් තරුවක් බව අනාවරණ වී තිබේ.

ඒ අනුව ඔහුගේ බිරිදගේ නමට එම ඉඩම් ලබා ගෙන ඇති බවත් ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේද සහය ලැබී ඇති බවත් මේවන විට හෙලි වී ඇත.

මෙම කාන්තාව අඩු ආදායම් ලාබී කාන්තාවක් බව පෙන්වමින් ඉඩම් ලබා ගැනීමට තැත් කර ඇති බවද මේ වන විට සිදු කර ඇති මූලික පරීක්ෂණයේදී අනාවරණ වී තිබේ.

මෙම මූලික පරීක්ෂණයට හේතුවුයේ අදාල ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තොරතුරු හෙලී වීමත් සමගයි.

ඒ අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් මිලදි ගනු ලැබ ඇති බවට කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරික්ෂණ සිදු කරන ලෙසයි. ලබාදි ඇති ඔප්පු අවලංගු කිරිමට කටයුතු කරන ලෙසටද මේ වන විටත් අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මෙම ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිදගේ නමට ලබා ගෙන ඇති අදාල ඉඩම, රජයට අයත් අක්කර 02ක ඉඩමක් අඩු ආදායම්ලාභි යැයි පවසා අදාල ඉඩම මෙම කාන්තාවගේ ඥාතියෙකුගේ නමට දීමනා පත්‍රයකින් පවරා ගෙන පසුව ක්‍රිකට් ක්‍රීඩකයාගේ බිරිද මිලට ගෙන ඇති බව වැඩිදුරටත් හෙලි වී ඇත.

අඩු ආදායම්ලාභි යැයි පෙන්විම සඳහා කූඨ ලේඛනද සකසා ඇති බව අනාවරණ වී තිබේ. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවන විට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් සහ මාතලේ අතිරේඛ දිස්ත්‍රික් ලේකම් ඉඩම් අදාල සාකච්ඡාවෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

අදාළ ඉඩම්වල ඔප්පු අවලංගු කර ඒවා මධ්‍යම පළාතේ මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දිමට කටයුතු කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, නිතිඥ ලලිත් යු ගමගේ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයාගේ වැඩ තහනම් කර තිබේ. ඔහුගේ දරුවෙකු මහනුවර ප්‍රදේශයේ උසස් පාසලකට ඇතුළත් කිරිමට අදාළ ක්‍රිකට් ක්‍රිඩකවරයා කටයුතු කර ඇති බවටද තොරතුරු ලැබී ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 March 2021 11:20

Related items