May 17, 2024

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් රන්ජන්ට දුරකතන ඇමතුමක් දීලා - රන්ජන් තනි සිර කුටියක රඳවයි

February 01, 2021

පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව තමා ඔහුට කතා කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ වන විට රන්ජන් රාමනායක මහතා එම බන්ධනාගාරයේ තනි සිර කුටියක රඳවා සිටින බවත් එහෙත් එහි අනෙක් කුටිවල සිරකරුවන් තිදෙනකු බැගින් රඳවා ඇති බවත් වාර්තා වේ. 

මේ අතර එම බන්ධනාගාරයේ මේ වන විට සිරකරුවන් සහ රක්ෂිත බන්ධනාගාරගත සැකකරුවන් 1,100ක් රඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමඟ බන්ධනාගාරවල සිටින සිරකරුවන් සමූහ වශයෙන් වැඩට යෙදවීම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත තාවකාලිකව අත්හිටුවා ඇත.

මේ අතර අධිකරණයට අපහාස කිරීම නිසා දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳ කතානායකවරයාගේ තීන්දුව ලබන පෙබරවාරි 9 වනදා ප්‍රකාශයට පත්කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

Rate this item
(1 Vote)