May 09, 2024

එන්නත විදගත් අයගෙන් 20%කට කොරෝනා වැළඳිය හැකියි - එන්නතේ දැනට ගුණ අගුණ මෙන්න (VIDEO)

February 01, 2021

එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බවත්, කොරෝනා පාලනය සදහා දැනට ලංකාවේ භාවිතයට යොදා ගන්නා ඇස්ට්‍රොසෙනිකා එන්නත සම්බන්ධයෙන් සියයට සීයක් තොරතුරු නොදන්නා බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තවමත් එම එන්නතේ සමහර අදියරයන්වල පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වන බවයි.

එන්නත පළවෙනි මාත්‍රාව එන්නත් කර සැනින් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවක් නොලැබෙන බවත් ඉන් සති හතරකට පසු දෙවන මාත‍්‍රාවත් විදගෙන තවත් සති තුනකින් පමණ බලාපොරොත්තු වුණ ආරක්ෂාව ලැබෙන බවද ඔහු පැවසීය.

නමුත් එන්නතේ ඵලදායිතාව සියයට අසූවක් නිසා එන්නත විද ගත් අයගෙන්ද 20%කට කොරෝනා වෛරසය වැළඳිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

Rate this item
(0 votes)

Related items