May 17, 2024

රන්ජන් යළි පාර්ලිමේන්තුවට? තීන්දුවට කතානායක සූදානම්

February 01, 2021

අධිකරණයට අපහාස කිරීම නිසා දැනට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය හැකිද යන්න පිළිබඳ කතානායකවරයාගේ තීන්දුව ලබන පෙබරවාරි 9 වනදා ප්‍රකාශයට පත්කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් පවත්නා නීතිමය තත්ත්වය ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා නීතිපති දප්පුල ද ලිවේරා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි යන මහත්වරුන් කැඳවා නීති උපදෙස් ලබා ගෙන තිබේ.

මෙම උපදෙස්වලට අමතරව ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශාරදයන් වන තවත් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගෙන්ද කතානායකවරයා මේ ගැන නීති උපදෙස් ලබා ගැනීමට නියමිතය. 

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ මේ සියලු උපදෙස් සලකා බලා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පිළිබඳ අවසන් තීරණය ලබන 9 වනදා ප්‍රකාශයට පත්කෙරෙනු ඇති බවයි.

Rate this item
(0 votes)