May 09, 2024

රංගන ශිල්පී බිමල් ජයකොඩිටත් කොවිඩ්!

රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් - 19 වෛරසය වැළඳී තිබේ.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බිමල් ජයකොඩි මහතා මේ බව සඳහන් කර තිබේ.

ඊයේ (28) උදෑසන පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවු බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු වු බවත් ඒ මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.

තමාට වෛරසය ආසාදනය වී ඇතැයි සිතන දින සිට කිසිදු කලා කටයුත්තක් සඳහා සහභාගී නොවු බවත්, එම කාලය තුළ තමා හමුවු පුද්ගලයින් ට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් සටහනේ දක්වා තිබේ.

බිමල් ජයකොඩි මහතා මේ වන විට සෞඛ්‍ය අංශවල මඟපෙන්වීම යටතේ නිරෝධායනය සඳහා යොමුව සිටී.

එම සටහන පහතින් දැක්වේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 January 2021 15:07

Related items