May 21, 2024

"මම ඉන්නෙත් කලකිරීමෙන් - ආණ්ඩුව විවේචනය කරන්න ජනතාවට අයිතියක් තියෙනවා" - ඩලස්

සාමාන්‍ය ජනතාව මෙන්ම තමන්ද දේශපාලනය පිළිබද කළකිරීමකින් පසුවන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙවුන්දර කාන්තා ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේය.

ජීවන මිල සීග්‍රයෙන් ඉහළ යාමෙන් ජනතාව පත්ව ඇති අසීරුතාව තමන්ද පිළිගන්නා බවත් ආණ්ඩුව විවේචනය කිරීමට ජනතාවට ඇති අයිතිය කිසිවෙකුටත් අහිමි කළ නොහැකි බවත් අමාත්‍යවරයා කියා සිටියහ.

වර්ෂාව වැටෙන හෙයින් හා ජලාශ පිරී ඇති නිසා විදුලිය සැපයීමට ගැටළුවක් නොමැති බැවින් තරමක් හෝ සතුටින් නින්දට යන එකම අමාත්‍යවරයා තමන් වන්නට ඇති බව මෙහිදී ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියහ.

වත්මන් රජය බලයට පත්වූදා සිට මේ දක්වා රාජ්‍ය පාලන කටයුතු සිදුකරමින් සිටින්නේ කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 January 2021 15:16

Related items