May 05, 2024

රංජන්ගෙන් හිස්වූ මන්ත්‍රී ආසනයට එන හිටපු රාජ්‍ය ඇමතිවරයා මෙන්න

අධිකරණය අපහාස කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිව්වසරක සිර දඬුවම් නියම කිරීම හේතුවෙන් ඔහුගෙන් හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

2020 වර්ෂයේ අගෝස්තු මාසයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගී ජන බලවේගය පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කළ අජිත් මානප්පෙරුම මන්ත්‍රීවරයා මනාප ලයිස්තුවේ 5වන ස්ථානයේ පසුවන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව අනුව සමගී ජනබල වේගය පක්ෂයට මන්ත්‍රී ආසන 04ක් හිමිවූ අතර ඉන් වැඩිම මනාප ලබා ගනු ලැබුවේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාය.

Rate this item
(0 votes)