ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සංවිධායකවරුන්ට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් කෙනෙහිලිකම් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී විසදුමක් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය පළ කරන බව ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයින්ට පවතින ගැටළු සම්බන්ධයෙන් නුදුරු දිනකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන බවයි.
ප්‍රශ්න ගැටලු ඇතුලේ බේරා ගැනීමට සාකච්ඡා සිදු කරන බවත් රජය හෝ ජනාධිපතිවරයා දුර්වල කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
නමුත් එලෙස ප්‍රකාශ කල අමාත්‍යවරයා මේවනවිට පෙන්වා දෙන්නේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ පක්ෂ සංවිධායකවරුන්ට පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිතයින්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බවයි.
රජයේ සංවර්ධන කි‍්‍රයාවලියට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නියෝජිතයින් සම්බන්ධ කර නොගැනීම ගැටළුවක් බව ශ්‍රීලනිප මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
කෙසේ වෙතත් මේ දිනවල දිවයින පුරා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පැවැත්වෙන අතර එම රැස්වීමවලදීද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ට අඩු සැලකිලි ලැබෙන බවට පොහොට්ටුවට චෝදනා එල්ල වී තිබේ.