May 19, 2024

යහපාලනය ගත්ත ණය වලින් වරායක් තියා පොඩි වළක් කපා සෙල්ලම් බෝට්ටුවක්වත් දාලා නෑ

December 08, 2020

යහපාලන ආණ්ඩු සමයේ අධික ණය ගත්තත් පොඩි වළක් කපා සෙල්ලම් බෝට්ටුවක්වත් දමා නැති බව අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ 6% වාණිජ පොළියට විදේශ ණය ගෙන හම්බන්තොට වරාය සෑදීම සම්බන්ධයෙන් විපක්ෂ නායකයවරයා කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එම ප්‍රතිශතය වැරදි බවත් එය 3%ක් විය යුතු බවත් හම්බන්තොට වරාය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1100ක් වැය වූ බවත්ය.

එහෙත් යහපාලන රජය 7.8% පොලියට ඇමරිකානු ඩොලර් මිලියන 6900ක ණය ලබා ගෙන තිබෙන බවත් ඉන් වරායක් තබා වළක් කපා සෙල්ලම් බෝට්ටුවක්වත් දමා නොමැති බවද පෙන්වා දෙන ලදී.

යහපාලනය ආණ්ඩුව ගත් මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 6900 හම්බන්තොට වරාය මෙන් වරායවල් 6ක් සෑදීමට හැකියාව තිබූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 December 2020 12:50