May 17, 2024

ගරු කථානායකතුමනි, ඔබතුමා එහෙම කියපු හඬපට මගේ ගාව තියෙනවා

December 05, 2020

"ඔබතුමා කලෙකදී කිව්වා මගේ කටේ රත්තරන් දාන්න ඕනේ කියලා. ඔබතුමා කිව්ව වීඩියෝපට හඬපට මගේ ගාව තියෙනවා යැයි" සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්විය.

"ඔබතුමා කලෙකදී කිව්වා මගේ කටේ රත්තරන් දාන්න ඕනේ කියලා. ඔබතුමා කිව්ව වීඩියෝපට, හඬපට මගේ ගාව තියෙනවා. ඔබතුමා ඒක කිව්වා. ඒක සිරසේ ගියා. මේ රන්ජන් රාමනායක කියන හාදයා ඉන්නවා නේද? මට වෙලාවකට හිතෙනවා මුගේ කටේ රත්තරන් කැටයක් ඔබන්න කියලා කතානයකතුමා කිව්වා. ඒක සර් පිලිගන්නවා නේද? සර්ට මතක නැහැ සරුත් දුමින්ද සිල්වා වගේ.ඔබතුමා තමයි අපිව බලා ගන්නේ. එතකොට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව. ඔබතුමා කිව්ව එක දැන් ඔබතුමාට මතක නැති වෙලා. මාර කේස් එකක්.කමක් නැහැ සර්. මම ඔබතුමාට ඒ හඬ පටය හෙට ගෙනත් මම දෙන්නම්."

එහෙම දෙයක් තමාට නම් මතක නැති බව කතානායකවරයා සිනාසෙමින් පැවසිය.

Rate this item
(0 votes)