May 17, 2024

"අනේ සර්, අද තමා මං කතා කරන අන්තිම දවස, අවසර දෙන්න සර්" රන්ජන් පාර්ලිමේන්තුවේදී කියපු කතාව

December 05, 2020

2015 වසරේ ජනවාරි 08 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසුව ජනවාරි 10 වෙනිදා හිටපු අගවිනිසුරු මොහාන් පිරීස් මහතා සිය බිරිඳ සමඟ ජනාධිපතිවරයා හමුවීමට පැමිණි බව රන්ජන් රාමනායක මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රන්ජන් රාමනායක මහතා විසින් සඳහන් කර සිටියේ මොහාන් පිරීස් මහතා එදින තමන්ට අගවිනිසුරු ධූරය ලබා දෙන මෙන් ඉල්ලා සිටි බවද, එසේ ලබා දෙනවා නම් සිරිසේන ජනාධිපතිවරයාට කැමති කැමති තීන්දු ලබාදෙන බව පැවසූ බවද රන්ජන් රාමනායක මහතා පැවසීය.

එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාට අධිකරණය ගැන කලකිරීමක් ඇති වූ බවද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය.

ලබන 08 වෙනිදා දිනයේ දී තමන් නඩුවක් සඳහා යන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ තමන්ට පාර්ලිමේන්තුවේදී කතා කරන්න සිද්ධ වෙන අන්තිම දවස අද (05) දිනය වනු ඇති බවයි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් දිනයට අදාළ අයවැය ශිර්ෂයට අදාළව කතා නොකරන බවට ආණ්ඩු පක්ෂයෙන් චෝදනා එල්ල වීමත් සමඟ සභාවේ තත්ත්වය උණුසුම් විය.

රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශ හමුවේ දිගින් දිගටම ඔහුට ආණ්ඩු පක්ෂයෙන් බාධා එල්ල වුණු අතර එහිදී මන්ත්‍රීවරයා කතානායකවරයා අමතා ප්‍රකාශ කර සිටියේ "අනේ සර්, අද තමා මං කතා කරන අන්තිම දවස සර්, අවසර දෙන්න සර්" යනුවෙනි.

Rate this item
(3 votes)
Last modified on Saturday, 05 December 2020 20:47