May 17, 2024

ඡන්දෙට කලින් රට විරුවෝ දැන් මිනිස් බෝම්බ - රන්ජන් රාමනායකගෙන් අනාවරණයක්

November 28, 2020

රටට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක විදේශ ආදායමක් උපයා දෙන ලක්ෂ 20ක් වන විදේශ ශ්‍රමිකයන්ව මැතිවරණයට පෙර රට විරුවන් සේ හැඳින්වූවද දැන් ඔවුන්ව හඳුන්වන්නේ මිනිස් බෝම්බ ලෙස බව විපක්ෂයේ මන්ත්‍රී රංජන් රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

මේ ආණ්ඩුව නියෝජනය කරන එක්තරා කැබිනට් ඇමතිවරයකු එක්තරා මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී මේ රට විරුවන්ට ලබා දුන් ගෞරව නාමය වූයේ මිනිස් බෝම්බ ලෙස හැඳින්වීම බවද රාමනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

රටවිරුවන් එවන සල්ලි වලින් නඩත්තුවන මේ ආණ්ඩුවට මීට වඩා ගෞරවයකින් ඔවුන් දෙස බැලිය යුතු බවද රාමනායක මහතා පෙන්වා දෙයි.

තමා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ජීවත්වන මන්ත්‍රීවරයෙක් බව සඳහන් කළ රාමනායක මහතා එම මන්ත්‍රී සංකීර්ණයේ ජීවත්වන ප්‍රභූවරුන්ගේ දරුවන් කිසිම බාධාවකින් තොරව විදෙස් රටවල සිට එම මන්ත්‍රී නිවාස සංකීර්ණයට පැමිණි ආකාරය තමන් ඇස් දෙකෙන්ම දුටු බවත් විදේශ ශ්‍රමිකයන්ට එක නීතියකුත් ප්‍රභූවරුන්ගේ දරුවන්ට තව නීතියකුත් ක්‍රියාත්මක වන්නේ ඇයි දැයි ඇයිදැයි ප්‍රශ්න කරන ලදී.

ඇමරිකාවේ සිට මෙරටට පැමිණීමට වැය වන ගුවන් ටිකට් පතේ මිල ඇමරිකානු ඩොලර් 800ක් වන නමුත් ඇමරිකාවේ වෙසෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතවතකු පවත්වාගෙන යන උපුල් ට්‍රැවල්ස් නමැති ආයතනය ඒ සඳහා ඇමරිකානු ඩොලර් 4000 මුදලක් අය කරන බවද රාමනායක මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

රාමනායක මහතා මෙම අදහස් පළ කළේ විපක්ෂයේ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ගෙන ආ විදෙස් ශ්‍රමිකයන් පිළිබඳව විශේෂ යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයට එක් වෙමිනි.

Rate this item
(0 votes)