May 17, 2024

හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව අන්තිමට ඇල්ලුවේ වන් ෂෝට් එකේ වලිසුන්දරව

November 20, 2020

අද (20) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර අයවැය විවාදයේ දී පාර්ලිමේන්තුව පැවැත්වීමට දිනකට ලක්ෂ 80ක් වැය කරන ජනතාව අමතක කළ බවයි.

1994 සිට විධායක ජනාධිපතිවරුන් සියලු දෙනා ආණ්ඩුව පක්ෂයේ සිටි බවත් එතැන් පටන් ආණ්ඩු කරමින් අද විපක්ෂය ෆේල් යැයි පවසන බවද ඔහු කියා සිටියේ අද සැබැවින්ම ෆේල් කවුරුන්ද යන්න පිළිබඳව සිතා බැලිය යුතුව ඇති බවයි.

වත්මන් ආණ්ඩුව විසින් විපක්ෂය හොරුන් ඇල්ලුවාද යන්න ප්‍රශ්න කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ඔවුන්ට හොරුන් ඇල්ලීමට බැරි වූ බවයි. ඔවුන්ට හොරු ඇල්ලීමට නොහැකි වීම නිසා වත්මන් ආණ්ඩුවට බලයට පත්වීමෙන් පසු විපක්ෂය ෆේල් වූ බව පිළිගත යුතුව ඇති බවද ඔහු එහිදී කියා සිටියේය.

මෙතරම් හොරකම්වලට හසු වූ හොරුන්ව නැවත පත් කරගත් ජනතාවද ෆේල් බව කණගාටුවෙන් වුවත් පැවසීය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් පෞද්ගලිකව හොරු ඇල්ලීමට ලොකු වෙහෙසක් ගත් බව පැවසූ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය. තමන් මුලින්ම උත්සාහ කළේ තම පක්ෂයේ හොරුන් ඇල්ලීමට බවත් එයට තමන්ට ලැබුණු ත්‍යාගය නඩු 36ක් සහ තෙවරක් රිමාන්ඩ් වීමට සිදු වූ බවද සඳහන් කළේය. මෙය ලංකාවේ හොරු අල්ලන්නට යන සියලු දෙනාට සිදුවන දේ බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

හොරුන් ඇල්ලීමට පැමිණි ආණ්ඩුව අන්තිමට මුහුණු ආවරණයක් නොපළඳා රුපියල් 5000ක් ලබා ගැනීමට ගොස් සිටියදී තමන්ගේ මිත්‍රයෙකු වන වන්ෂෝට් චිත්‍රපටයේ වලිසුන්දර ලෙස රංගනයෙන් දායක වූ විල්සන් කරූව අත්අඩංගුවට ගෙන ඇති බව රන්ජන් රාමනායක මහතා සඳහන් කර සිටියේය.

Rate this item
(2 votes)
Last modified on Friday, 20 November 2020 17:24