May 02, 2024

කෝටි 9 ක වංචාවක් - පොහොර සමාගමේ හිටපු සභාපති CIDය අත්අඩංගුවට ගනී

November 20, 2020

රුපියල් කෝටි 9 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සීමාසහිත ලංකා පොහොර සමාගමේ හිටපු සභාපතිවරයා ඊයේ (19) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
පෞද්ගලික සමාගමකින් දියර පොහොර මිලදී ගැනීමේදී සිදුවී ඇති රුපියල් මිලියන 90 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මේ වසරේ (2020) ජනවාරි 14 වැනිදා රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
 
2017 සිට 2019 දක්වා ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සැකකරු බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පිහිටි ඔහුගේ නිවසේදී මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
 
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2020 09:13