January 17, 2025

ඕවාගෙන් පුළුවන්ද කොරෝනා සුව කරන්න? රාජ්‍ය පාලකයෝ ඉන්නේ මිත්‍යාවේ පැටලිලා - ආයුර්වේද වෛද්‍යාචාර්ය සුජීව

November 09, 2020

කොරෝනා වෛරසය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය සම්පූර්ණයෙන්ම මුදල් ගරා ගැනීමේ ජාවාරමක් බවත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතා සඳහන් කරයි.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ කිසිතැනක කොරෝනා වලට ඖෂධයක් සොයා ගෙන නැතැයිද පවසන ඒ මහතා බෙහෙතක් සොයාගෙන ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීම අවශ්‍ය බව ද පවසයි.

කෙසේ නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කෙනෙහෙලිකම් එල්ල වන බවත් අද ද IDH රෝහලේ රෝගීන්ට කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක‍්‍රම බවත් ඔහු සඳහන් කළේය.

ගංගා වලට මුට්ටි දමා මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් පාලකයන්ට මොලය පහළවේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 November 2020 13:01
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449