January 17, 2025

වැලිසර, කන්දකාඩු පොකුරු මර්දනය කලා - මිනුවන්ගොඩ, පෑලියගොඩ පොකුරු මර්ධනය කරමින් සිටිනවා Featured

November 08, 2020

ඉන්දියාවේ වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 63 දෙනෙකුට වෛද්‍ය එලියන්ත වයිට් මහතා විසින් ලබාදුන් ප‍්‍රතකාර හේතුවෙන් ඔවුන් කඩිනමින් සුවය ලබා නිවෙස් වලට ගොස් තිබෙන බව ඔහුට දන්වා ඇතැයි සති අන්ත මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඉන්දියා රජයේ ඉල්ලීම මත සහ ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැතිගේ අවසරය මත මෙම ප‍්‍රතිකාර එලියන්ත වයිට් මහතා විසින් ඉන්දියාව වෙත යවා ඇති අතර කොරෝනා වැළඳුණු වයස අවුරුදු අනූ දෙකක පුද්ගලයෙක් ද මේවා භාවිතා කිරීමෙන් ඉක්මනින් සුව වී ඇතැයිද වාර්තාවේ සදහන්ය.

ඒලියන්ත වයිට් මහතා පවසා ඇත්තේ වැලිසර නාවික හමුදා පොකුර, කන්දකාඩු පොකුර කඩිනමින් මර්දනය කළ ආකාරයටම මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරුද කඩිනමින් පාලනය කිරීම ආශිර්වාදය ලබා දෙමින් සිටින බවයි.

ඒ සඳහා ද මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කර තිබේ.

මෙරට කොරෝනා වෛරසය පාලනය සඳහා සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ විශිෂ්ට කාර්යයක් කරමින් සිටින බවත් තමා ආශිර්වාද කටයුතු සඳහා එය බෙහෙවින් බලපාන බවත් ඔහු සඳහන් කර ඇත.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ සම්පූර්ණයෙන්ම මර්දනය කළ පසුව ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරය කොට ආශිර්වාද කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද වාර්තාවේ සඳහන්ය.

Rate this item
(1 Vote)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449