April 26, 2024

කඩඉම තීරණාත්මකයි - මර්දනය කිරීමේ හැකියාව වැඩියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

November 03, 2020

කොවිඞ් රෝගීන්ගේ දස දහසේ කඩඉම ඉක්මවා ගොස් අප ඉන්නේ තීරණාත්මක කඩඉමක වුවත් තවමත් අපට කොවිඞ් සමග හැප්පෙන්න පුළුවන් වාතාවරණයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

පසුගිය කාලයේ අපට කොවිඞ් මර්දනය කර ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ ජනතාවගෙන් ලැබුණ සහාය හා සෞඛ්‍ය අංශවල විධිමත් ක‍්‍රියාවලිය නිසා.

මිනුවන්ගොඩ පොකුර හමුවේ තැනින් තැන කොවිඞ් රෝගීන් බිහිවෙන්නට වුණා. ඒ වන විට ජනතාවගේ සැලකිලිමත් බවේ ප‍්‍රගතියක් ඇති වී තිබුණේ නැහැ.

අපට පී.සී.ආර්. පරීක්‍ෂණ ක‍්‍රමවත්ව සිදුකර ගැනීමට පහසුකම් නොමැතිවීම කිසියම් බාධාවක්.

Rate this item
(1 Vote)

Related items