April 26, 2024

සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක ධුරයෙන් ඉවත්වන ලෙස කීවේ ඇමති පවිත‍්‍රා - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

November 15, 2020

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉවත්වන ලෙස කරන ලද ඉල්ලීම මත ධුරයෙන් ඉවත් වූ බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. 

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් ඊයේ(14) දිනයේ අවලංගු කර තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල නොකරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මීට පෙර ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන ලදී.

ඊට පසුව එම ධුරය සඳහා ඊට පහල මට්ටමේ සිටි නිලධාරියා නම් කරමින් ඔහු එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරයට පත් කරන ලද අතර ඔහු එම ධුරයේ කටයුතු කිරීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

Rate this item
(9 votes)