March 29, 2024

වෛද්‍ය ජයරුවන්ට බණ්ඩාරට ඉහළ තැනකින් කැපිල්ලක්!

වෛද්‍ය ජයවරුන් බණ්ඩාර විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GOMA) නිලවරණය සඳහා ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එම සංගමය තීරණය කර තිබෙනවා.

මෙම නිලවරණය ඉදිරි කාලයේ දී පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් මොරටුව දිසා අධිකරණ වෙත විශේෂ පෙත්සමක් යොමු කර තිබුණු අතර එය පෙරේදා (22) දිනයේ දී කැඳවනු ලැබුවා.

අධිකරණ විසින් මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව වාරණ ආඥාවක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නියෝග කර තිබුණේ නාම යෝජනා කැඳවීමකින් තොරව එම සංගමයේ නිලවරණය නොපවත්වන ලෙසයි.

එමෙන්ම එම සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ අනිකුත් නිලධාරීන්ගේ නිලධූරයන්ගේ කාලය අවසන් බැවින් ඔවුන්ට තවත් එම නිලතලවල රැඳී සිටිය නොහැකි බවද අධිකරණය විසින් වාරණ ආඥාව තුළින් නියෝග කර තිබෙනවා.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය අතුරු කමිටුවක් හරහා පවත්වන ලෙසද නියෝග කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 00:20

Related items