May 17, 2024

ඉක්මණින් විභාගය තියන්නැයි දෙමව්පියන් ඉල්ලනවා - තීන්දුව අද සවස

ලබන ඉරිදා පැවැත්වීමට නියමිත 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ ඊට පසු දින පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වනවාද නැද්ද යන්න අද සවස 2න් පසු දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

මේ සම්බන්ධයෙන් අද දහවල් සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමඟ සාකච්ජාවක් පවත්වන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මිට පෙරත් කල් දමන ලද මෙම විභාග දෙක කඩිනමින් පවත්වන ලෙස දෙමව්පියන්ගේ ඉල්ලීමක් තිබෙන බව ද මහාචාර්ය පිරිස් පෙන්වා දෙන ලදී.

Rate this item
(0 votes)