ප්‍රභාකරන්ගේ මුළු පවුලම ත්‍රස්තවාදීන් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.
ඒ ප්‍රභාකරන්ගේ බාලම පුත්‍රයා වූ බාලචන්ද්‍රන් යුධ හමුදාවෙන් මරා දැමු බවට දෙමල ජාතික මහජන පෙරමුණ නියෝජනය කරන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කල ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
ප්‍රභාකරන්ගේ බාලම පුත්‍රයා වූ බාලචන්ද්‍රන් කොටි සංවිධානයේ ළමා සොල්දාදු බලකායේ (Baby Brigade) අණ දෙන නිලධාරියෙක් බව ෆොන්සේකා මහතා අනාවරණය කරන ලදී.
යුධ හමුදාවට බාලචන්ද්‍රන් හමුවුයේ නම් කලිසමක්, ෂර්ට් එකක් අන්දවා පිළිවෙලක් කරන බවද ඔහු වැඩිදුරත් සඳහන් කරන ලදී.
ෆොන්සේකා මහතා මෙන්ම පොන්නම්බලම් මහතා විපක්ෂය නියෝජනය කිරීම විශේෂත්වයකි.
සරත් ෆොන්සේකා මහතා කොටි ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය දුන් යුධ හමුදාපතිවරයා වේ.
ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී කළ තවත් කතා - "ආණ්ඩුවේ පලවෙනි පේලියේ ඉන්න ඔක්කොටම මට තනියෙන් වග කියන්න පුළුවන්" - ෆොන්සේකාගෙන් අභියෝගයක්
‘වඩේ කාරයා පලයන් යකෝ යන්න’ - ෆොන්සේකා වඩේකාරයා කියලා බැන්නේ කාටද? (VIDEO)