May 03, 2024

තරුණයෙකුට තෙවන වරටත් කොවිඩ්

ආණමඩුවේ තෙන්නන්කුරියා ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකුට තෙවන වරටත් කෝවිඩ් ආසාදිතයකු ලෙස සනාථ වී ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එම්. ෆරිඩ් මහතා සඳහන් කරයි.

මෙසේ කොවිඩ් අසාදනය වී ඇත්තේ ඩුබායිහි රැකියාවකට ගොස් පසුගිය අගෝස්තු මස 18 දින මෙරටට පැමිණ, පළමු වරට වැලිකන්ද කොරෝනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ආසාදිතයකු බවට තහවුරු වු අයෙක් බව පැවසෙයි.

අදාළ තරුණයා තෙන්නන් කුරියාව පදිංචිකරුවෙකි.

සිය මව සමග නිවසේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී දෙවනවරට යළි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සැප්තැම්බර් 17 දින හලාවත රෝහලේ කොවිඩ් ඒකකයට ඇතුළත් කර ඇත.

එහිදී නැවත ඔහු කරන ලද P.C.R පරීක්ෂණ වලින් කොවිඩ් අසාදිතයකු බව තහවුරු කර ගෙන ඇත.

ඒ අනුව මෙම තරුණයා ඉරණවිල කෝවිඩ් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා නැවත නිවසට පැමිණ තිබුණි.

කෙසේ නමුත් අදාළ තරුණයා නිසි නිරෝධායන ක්‍රමවේදයන් යටතේ ඔහු පදිංචි නිවස තුළ රඳවා නිරෝධායනයට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණි.

අනතුරුව පසුගිය සිකුරාදා නිවසේ නිරෝධායනය වෙමින් සිටිය දී නැවතත් අසනීප තත්ත්වයෙන් තරුණයා හලාවත මහ රෝහලේ කෝවිඩ් ඒකකයට ඇතුළත් කර තිබුණි.

මෙහිදී පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව තෙවන වරටත් කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ හඳුනා ගෙන ඇත.

Rate this item
(0 votes)

Related items