May 03, 2024

ඉදිරි පැය 72 තීරණාත්මකයි Featured

මිනුවන්ගොඩ ප්‍රධාන පෙලේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වූ සේවිකාවට එම වෛරසය ආසාදනය වූ නියැදිය සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් ලබා ගැනීමට අද දිනයේදී ලැබෙන PCR වාර්තා උපකාරී වනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ දී කොවිඩ් ආසාදනය වූ සේවිකාව සිදුකර ඇති ප්‍රකාශ අනුව එහි සේවය කරමින් සිටි තවත් පිරිසකට දින කිහිපයකට පෙර සිට කැස්ස ඇතුළු රෝග ලක්ෂණ තිබු බවට ප්‍රකාශ කර ඇති බව යුධ හමුදාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියහ.

ඒ අනුව පෙරේදා දිනයේදී හඳුනා ගත් නව කොරෝනා වෛරසය ආසාදිත සේවිකාවගේ සමීප ආශ්‍රිතයින් 150 දෙනෙකුගේ PCR පරීක්ෂණ ඊයේ දිනයේදී සිදුකර ඇති බවත් එම ප්‍රථිපල අද උදෑසන ලැබීමට නියමිතව ඇති බවයි හමුදාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටින තවත් සේවක සේවිකාවන් 1400 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සහ හෙට දිනයේදී සිදුකිරීමට නියමිත බව ද යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියහ.

මේ අතර මෙම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන අයවළුන් මුණ ගැසීමට පසුගිය දින කිහිපයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට පුද්ගලයින් පැමිණි ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව දැනට සිදුකරනු ලබන PCR පරීක්ෂණ සිදුකොට ඔවුන්ට කොරෝනා වසංගතය ආසාදනයවී ඇත්ද යන්න සැකහැර දැන ගැනීමට අවශ්‍ය බැවින් ඉදිරි පැය 72ක කාලය ඉතා තීරණාත්මක බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි.

මේ හේතුවෙන් මහජනතාව සමාජයට අනවශ්‍ය ලෙස පැමිණීමෙන් වලකින ලෙසත්, රැකියා සඳහා හෝ ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් සඳහා නිවසින් බැහැරව යාමේදී මුඛ ආවරණ පැලදීම සහ මීටරයක දුර පවත්වාගෙන යාම හා නිසි සෞඛ්‍ය ආරක්ෂක කටයුතු පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස යුධ හමුදාපතිවරයා මහජනතාව දැනුම් දී සිටියි.

Rate this item
(1 Vote)

Related items