May 20, 2024

මහජනයා මුහුණ දෙන ගැටළුවලට 20 විසඳුමක් නෙවෙයි

September 29, 2020

මුහුණපා ඇති ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමට නව ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

සෝමාවතිය රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව 20වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් සිදුකරන්නේ සිය බලය තහවුරුකර ගැනීමට උත්සහ දැරීමක් බව මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම  රට මුහුණ දී ඇති ජාතික ගැටලු සඳහා විසදුම් සෙවීමට කිසිවිටක දී ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බවත් 19වන ව්‍යවස්ථාවේ ගැටලු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

 

Rate this item
(0 votes)

Related items