May 04, 2024

(EXCLUSIVE) කතාවට ලැබුණු ප්‍රසිද්ධියට මට හරි සතුටුයි: වස් දොස් යන්නත් එක්ක හොඳයි - තිස්ස කියයි

සමගි ජන බලවේග පළමු සංවත්සර උත්සවයේදී තමා කළ කතාවට මේ වන විට උපරිම ප්‍රසිද්ධියක් ලැබෙමින් පැවතීම සතුටට කරුණක් බව එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පැවති සමගි ජන බලවේගය පළමු සංවත්සර උත්සවය අමතා ඔහු කළ කතාවේදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම සඳහන් කිරීම හේතුවෙන් මේ වන විට එම කතාවට ලැබී තිබෙන ප්‍රසිද්ධිය සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

සංවත්සර උත්සවයේදී තමා කළ කතාව ගැන බොහෝ දෙනකු තමාට පෞද්ගලිකව කථා කළ බව පෙන්වා දෙන අත්තනායක මහතා තමාගේ වස් දොස් යෑමට ද එම ප්‍රසිද්ධිය හේතු වනු ඇති බව තමා විශ්වාස කරන බව ද සඳහන් කරයි.

සංවත්සර සභාව අමතා තිස්ස අත්තනායක මහතා කළ කතාව අතරතුර "බිම් මට්ටමින් ජයග්‍රහණය වෙනුවෙන් නායකත්වය දෙන අය සියලු දෙනාම ආරක්ෂා කරලා ඒ අයට නිසි තැන දෙන්න අනාගතේ රනිලුත් ... සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුවකින් ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා" යැයි ප්‍රතාශ කළ වදන් පෙළට මේ වන විට මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබී ඇති අතර එය පදනම් කොටගෙන "තිස්සට දිව පැටලෙයි!සජිත් ඉදිරියේ රනිල් ගැන කියා කට වරද්දා ගනී"යන අරුත ඇති ශීර්ෂ පාඨ යටතේ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතී.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 March 2021 10:51

Related items