April 28, 2024

අසල්වැසි ඉන්දියාව කොරෝනා වලින් වාර්තා තබයි - දැන් ලංකාවේ තත්වය මෙන්න

September 12, 2020

ඉන්දියාවෙන් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 1,202 ක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේදී එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 97,654 කි. ඉන්දියාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 46 ලක්‍ෂ 59,984 දෙනෙකු වාර්තා වී තිබේ. ඒ, කොරෝනා මරණ 77,506 ක් ද සමගය.

අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 46,600 ක් හදුනා ගෙන තිබේ. ඊයේ දිනයේදී අමෙරිකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 1,094 කි.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවෙන් මේ වනවිට ආසාදිතයින් 66 ලක්‍ෂ 36,266 දෙනෙකු වාර්තා වී තිබේ. එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ 97,421 කි. 

මේ අතර කන්දකාඩු ආසාදිත පොකුරෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 649 දෙනෙකු වාර්තා වුවද ඉන් ආසාදිතයින් 638 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය බලා රෝහල්වලින් පිටව ඇතැයි කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මේ දක්වා ආසාදිතයින් 3,169 දෙනෙකු මෙරටින් වාර්තා වුවද ආසාදිතයින් 188 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බව එහිදී ප‍්‍රකාශ කෙරිණි.

මේ අතර තවත් නව්‍ය කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු ඊයේ මෙරටින් හදුනාගෙන තිබේ. එලෙස හදුනා ගැනුනු කොරෝනා ආසාදිතයින් 14 දෙනාගෙන් 7 දෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව වාර්තා වේ.

ඊයේ හදුනා ගැනුනු සෙසු ආසාදිතයින් 7 දෙනා ද නිරෝධායනය වෙමින් සිටි මාලදිවයින සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 95 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට නිරෝධායන කටයුතු අවසන් කර පුද්ගලයින් 40,401 සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇති බව කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

තවත් පුද්ගලයින් 6201 දෙනෙකු යුද හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මථ්‍යස්ථාන 57 ක් තුළ නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනයේදී පී සී ආර් පරීක්ෂණ 2,464 ක් මෙරටදී සිදුකර තිබේ.

ඒ අනුව මේ වන විට මෙරටදී සිදුකර ඇති සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 251,792 කි. 

Rate this item
(0 votes)

Related items