May 17, 2024

'ගොං කතාවලට උත්තර අහන්න එපා' - ෆොන්සේකාගේ කතාවට මහින්දගේ උත්තර දුන් හැටි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (10) ජාත්‍යන්තර හෙද දිනය වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැත්වුණු උත්සවයකට සහභාගී විය.

උත්සවය නිම වී ශාලාවෙන් පිටතට පැමිණි රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු අදහස් විමසූහ.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

එක් මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් විමසුවේ පසුගිය දා හමුදා ආරක්ෂාව ඉවත් කර පොලිස් ආරක්ෂාව යෙදවීම සම්බන්ධයෙන් සතුටු ද යන්නයි.

එයට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා පැවසූවේ එයට සතුටු විය යුත්තේ තමා නොව වෙනත් අය බව යි.

තම පුතුන් දෙදෙනාට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ පිළිබඳව මාධ්‍යවේදියෙකු විමසූ තවත් පැනයකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ මේවා දේශපාලනික පළිගැනීම් බවත්, මෙවන් දෑවලින් සිදුවන්නේ ක්‍රෝදය සහ වෛරය පැතිරීම පමණක් බව යි.

එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහු ඉලක්ක කොට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ඔහු විසින්ම පුපුරවා ගන්නා ලද්දත් බවට පසුගිය දා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද මාධ්‍යවේදීහු මෙහි දී විමසා සිටියහ.

"ගොං කතාවලට උත්තර අහන්න එපා" යනුවෙන් එහි දී හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නේ ය.

වීඩියෝව පහතින් > > > 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 11 May 2016 00:06