May 17, 2024

නාමල්, වන ජීවී නිලධාරීන්ට අලි පෙන්වූ හැටි

දිනක් තම නිවසේ අලින් සිටියිදැයි පරීක්ෂා කිරීමට පැමිණි වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට සිදු කළ ක්‍රියාවක් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා විස්තර කළේ ය.

ඒ හම්බන්තොට ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මැතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර දී ය.

එහි දී රාජපක්ෂ මහතා අදහස් දැක්වූයේ මෙලෙස යි.

"දවසක් ආවා වන ජීවී එකෙන් අලි ඉන්නවයි කියලා අපේ ගෙදර. මං කිව්වා අලි ඉන්නවා, දැන් මොකද වෙන්න ඕනේ කියලා. අපිට ගෙනියන්න ඕඩර් එකක් ආවයි කිව්වා. මං කිව්වා, යමං, අලි ඉන්න තැනට එක්ක යන්නම්, හැබැයි උඹලා අල්ලගනිල්ලා කියලා. හරි සර් කිව්වා. ගියා බඳගිරියට. ඉන්නවා අලි 60ක්. මං කිව්වා මෙන්න මගෙ අලි, කැමතිනම් අල්ලං පලයං කියලා. එදායින් පස්සේ මහින්ද මහත්තයගෙ ගෙදරට අලියෙක් හොයාගෙන ආවෙ නෑ මුං ටික. මේක තමයි යහ පාලනය."

Rate this item
(0 votes)