May 19, 2024

හංවැල්ලේ රබර් කම්හලට පරීක්ෂණ නෑ

හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ උද්ඝෝෂණයට හේතු වූ රබර් කර්මාන්තශාලාව මගින් කිසිදු පරිසර හානියක් නොමැති බවත් එය පරිසර නීති රෙගුලාසි අනුව කටයුතු කර ඇති බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග අලහප්පෙරුම මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

 

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පරිසරයට හානියක් නොමැති නිසා ඒ සඳහා නැවත පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මිනිසුන් අතින්ද පරිසර හානි සිදුවන බවත් කර්මාන්ත ශාලාවක පරිසර හානියක් සිදු වීම අනිවාර්යය බැවින් එම කටයුතු තම අධිකාරිය මගින් නිරීක්ෂණය කරන බවත් හෙතෙම සඳහන් කළේ ය.

මෙම රබර් කර්මාන්ත ශාලාව මගින් අපද්‍රව්‍ය විධිමත් ලෙස බැහැර කෙරෙන බැවින් ඒ හේතුවෙන් ලිං ජලයේ ආම්ලිකතාව වැඩි වීම, මල අපද්‍රව්‍ය බැක්ටීරියා හෝ ඇමෝනියා නයිට්‍රජන් වැඩිවීම සිදුවිය නොහැකි බව ද සාරංග අලහප්පෙරුම මහතා පැවසී ය.

2001 වසරේ අරඹා ඇති මෙම කර්මාන්ත ශාලාවට පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් නිකුත් කර ඇති අතර වාර්ෂිකව එම බලපත්‍රය අළුත් කිරීමට කටයුතු කෙරේ.   

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 March 2014 11:16