May 19, 2024

හංවැල්ලේ නොසන්සුන්තාවයෙන් පොලිස් ලොක්කෙකු බිලි

හංවැල්ල, තුන්නාන ප්‍රදේශවාසීන් විසින් පවත්වන විරෝධතාවකදී ගසක් කඩා වැටීමෙන් අනතුරට පත්ව රෝහල් ගත කළ බොරැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර මිය ගොස් තිබේ.

 

අද (16) පෙරවරුවේ හංවැල්ල, තුන්නාන ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව අතරතුර තුවාල ලැබූ බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා අවිස්සාවේල්ල ‍රෝහලට ඇතුළත් කර තිබූ අතර පොලිස් ස්ථානාධිපතිවරයා සැත්කමකට භාජන කළ බව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රකාශකයෙකු පැවසී ය.

මෙම විරෝධතාව විසුරුවා හැරීමට පොලීසියට කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කිරීමට සිදු විය.

මෙම විරෝධතාව අතරතුර ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය සමථයකට පත් කිරීමට හා එම ගැටළුවට විසඳුමක් ලබා දීමට ආරක්ෂක ලේකම්වරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද එම ප්‍රදේශයට යවා තිබිණි.

එම ප්‍රදේශයේ ඇති රබර් කර්මාන්ත ශාලාවකට එරෙහිව හයිලෙවල් මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළ පුද්ගලයින් 48 දෙනෙකු  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් අවවාද කැර මුදා හරිනු ලැබුහ.

තුන්නාන ප්‍රදේශයේ යළි සාමය පවතින බවත් ගැමියෝ තැන තැන රැදී සිටින බවත් වාර්තා වේ පොලීස් ආරක්ෂාවද ලබා දී ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 16 March 2014 13:18