May 14, 2024

දුමින්ද සිල්වාට සිතාසි 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනා හට ලබන අප්‍රේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

ඒ අනුව චෝදනා 17 යටතේ ඔවුනට එරෙහිව නඩු පවරා ඇත.

විත්තිකරුවන් හට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එසේ සිතාසි නිකුත් කෙරුණේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව සම්බන්ධයෙනි.

විතානගේ අනුර තුෂාර ද මෙල්, චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසුරිය ආරච්චිගේ ෂාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්, චන්දන සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ලියනාරච්චි ශමින්ද යන විත්තිකරුවන් 13 දෙනා හට එසේ සිතාසි නිකුත් කෙරුණි.

2011 ඔක්තෝබර් මස 08 වන දින අංගොඩ මුල්ලේරියාව හා හිඹුටාන යන ස්ථානවලදී පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්ද දායකයන් හට ගිනි අවි භාවිතා කරමින් බිය ගන්වා නීති ‍විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටි බවටත් එසේ සිටිමින් අංගොඩ රාහුල විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ සිටි පිරිසකට බලහත්කාරකම් කර ප්‍රචණ්ඩත්වයේ යෙදුණු බවටත් විහි පතිරැන්නැහැලාගේ තිවංකා මධුෂානි පතිරණ යන අයට බැන වැදීබියගැන්වූ බවටත් විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුවෙන් අධි චෝදනා නගා ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 March 2015 07:33