May 19, 2024

දුර ගමනක දුර අඩුවෙයි

ශ්‍රී ලාංකීය අධිවේගී මාර්ග ඉතිහාසයේ තවත් විජයග්‍රාහී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ගාල්ල සිට මාතර දක්වා දීර්ඝ කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (15) පස්වරුවේ ජනතා අයිතියට පැවරිණි.

 

අද (15) පස්වරු 03.42ට යෙදුණු සුභ මෙහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා සහ අන්‍යාගමික ආශිර්වාද මධ්‍යයේ ගාල්ල මාතර අධිවේගී මාර්ගය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.

ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් අනතුරුව මෝටර් රථයක නැගී පින්නදූව පිවිසුමේ සිට මාතර, ගොඩගම දක්වා ගමන් කළේය.

ගාල්ල සිට මාතර දක්වා ඉදිකළ මෙම අධිවේගී මාර්ගය දුර කිලෝමීටර් 30ක් වන අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් බිලියන 18කි.

 

මෙම අධිවේගී මාර්ගය තුළින් මාතර සිට කඩුවෙල දක්වා පැය එක හමාරකින් ළඟාවීමට හැකිවන අතර එම මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100ක් වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 March 2014 20:38