May 03, 2024

රිෂාඩ් බදුදීන් තියරිය "මැරුනම පුච්චන්ඩ බැහැ - පුච්චල මරන්න පුළුවන්"

- මංජුල බටුගෙදර ලියයි

"මැරුනම පුච්චන්න හොඳ නැහැ.හැබැයි පුච්චලා මරන්න හොඳයි."

මෙන්න මෙහෙම සඳහන් පෝස්ටුවක් තිබ්බේ මුහුණු පොතේ.

පෝස්ටුවට මාතෘකාව වී තිබුණේ රිෂාඩ් බදුර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවය යොදවා සිටියදී ගිනි ගෙන මියගිය ඉශිළිණි ජූඩ් කුමාර් බාල වයස්කාර දැරියගේ අවසනාවන්ත මරණයයි.

සිද්ධියට මාසයයි

මීට හරියටම මාසයකට පෙර දැරිවිය මිය ගිය අවස්ථාවේ ඒ ගැන රටේ ලොකු කතිකාවතක් ඇති වුණත් යළිත් කොවිඩ් වසංගත තත්ත්වය දරුණු වීම නිසා එය ටිකක් යට ගියා.

දින 12ක් රෝහලේ මරුවා සමග සටන් කල දැරිය ඉකුත් ජූලි 15 දා මිය ගියා.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට රිෂාඩ්ගේ බිරිය වන ආයිෂා සෙයුබ්ඩින් , ඇගේ පියා සහ දැරිය නිවෙසට ගෙන ආ තැරැව්කරුවා අත්අඩංගුවට ගෙන දැන් සිටින්නේ රිමාන්ඩ් භාරයේ.

ගෙදර වැඩ අමුතු විදිහට

රිෂාඩ්ගේ ගෙදර වැඩ සිදු වී තිබෙන්නේ අමුතු ආකාරයට.

ඒ අමුතු කම නිසාම දැරිය ගිනි ගත් ආකාරය ගැන රිෂාඩ්ගේ ගෙදර උදවිය විමර්ශකයන්ට කියන්නෙත් අමුතු කතා.

රිෂාඩ්ගේ බිරිඳ අයිෂා කියන්නේ උදේ එකපාරටම දැරිය ගිනි ගෙන කෑ ගැසූ බවයි.වටපිට බලද්දි භූමිතෙල් බාගයකුත් තිබ්බ කියලයි ඇය කියන්නේ.

රිෂාඩ්ගේ බිරිඳගේ මව කියන්නේ දැරිය නූලක් පත්තු කරන්න ගිහින් ගින්න ඇඟට පත්තු වුණා කියලයි.

ඒ විතරක් නෙමෙයි උන්දැ තවත් කතාවක් කියනවා.

එකපාරට නිවසට ආපු භූමිතෙල්

ඒ ගෙදරට අවුරුදු ගාණකින් භූමිතෙල් ගෙනත් නැති බවයි.

රිෂාඩ්ට භූමිතෙල් එක්ක තියෙන්නේ ලොකු සම්බන්ධයක්.

රිෂාඩ් යුද්ධයෙන් අනාථ වී අනාථයෙක් ලෙස වව්නියාවේ කඳවුරේ ඉන්නැද්දි ඔහු තමයි කඳවුරේ භූමිතෙල් සලාකය භාරව හිටියේ.

අනාථයෙක් ලෙසත් රිෂාඩ් එදා අද වගේම ක්‍රම සහ විධි පාවිච්චි කොට කදවුර තුළ ලොකුම පොහොසතා උන බවයි තතු දන්නෝ කියන්නේ.

සාක්ෂිත් තබා ගිනි තබා ගැනීම

කොහොම හරි පරීක්ෂකයන් දැරිය ගිනිගෙන සති තුනකට පමණ පසු රිෂාඩ්ගේ නිවසට යනකොට ඉතිරි භූමිතෙල් ටිකයි ලයිටරේකුයි දැරිය සිටි කාමරයේ තිබිලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි තමන් ගිනි තියා ගත් බව දැරිය ඉංග්‍රීසියෙනුත් බිත්තියේ සටහනක් දාලා තියෙන්නේ.

පරීක්ෂකයන් මුලින්ම මේ ගැන විමර්ශනය කිරීමට රිෂාඩ්ගේ නිවසට ගොස් දැරියගේ කාමරයට ගිය විට ඔය දේවල් තිබිලා නැහැ.

දැරිවියට අපහාසයක් වෙන්න කියනවා නෙවෙයි.එහෙමනං දැරිවියගේ ආත්මේ තමයි මේ දේවල් කරලා තියෙන්නේ.

වද හිංසා හා අඩත්තේට්ටම්

දැරිවියට රිෂාඩ්ගේ බිරිඳ සහ නැන්දණිය විසින් දෙන ලද වධ හිංසා ඉවසගන්න බැරුව ඒ බව දැරිය සිය මවට කියා තිබෙනවා.

ඒ අනුව මව දැරිය රිෂාඩ් නිවසේ අපායෙන් මුදවාගෙන තමන් එම අපායට එකතුවීමට නියමිතව තිබුනේ ඉකුත් ජූලි ජූලි 7දා.ඒ කියන්නේ දැරිය ගිනිගත් දිනට දින 2කට පසු.

දැන් ප්‍රශ්නය තියෙන්නේ එතැනයි.

තමන්ව රිෂාඩ්ගේ නිවසේ අපායෙන් මුදවා ගැනීමට මව පැමිණෙන බව දැන දැනම දැරිය ගිනි තියා ගත්තේ ඇයි.

දැරිය දන්නා රහස

එසේත් නැතිනම් දැරිය විසින් හෙළිදරව් කරතැයි සැක හිතෙන යම් රහසක් වැළැක්වීම සඳහා දැරියට ගිනි තිබ්බාද.

රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි දැරිවියට සිටින්නට ආරක්ෂිත කාමරයක් හෝ කෑමට නිසි ආහාර හෝ නොලැබුණු බව කියැවෙනවා.

ඒ අතර දැරිවියට රිෂාඩ්ගේ බිරිඳ සහ නැන්දණිය පහර දුන් බව හා අඩන්තේට්ටම් කළ බවත් කියවෙන්නේ.

එහෙත් ඒ කිසිවක් සිය පණ හානි කර ගැනීමට හේතු නොවන බව අබ ඇටයක මොලයක් තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

දෙවෙනි මරණ පරීක්ෂණය

දැරිවිය ලිංගික අපයෝජනයටද ලක් කොට ඇති බවත් වාර්ථාවෙනවා.

පසුගියදා යළිත් දැරියගේ දේහය ගොඩගෙන යළිත් මරණ පරීක්ෂණයක් පැවැත්වූයේ ඒ බව තහවුරු කර ගැනීමට.

එහි වාර්තාව තව ටික දිනකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරියගේ ගිනි ගැනීම පිටුපස තිබෙන්නේ මේ ලිංගික අපයෝජනයද.

එසේනම් දැරියව ලිංගික අපයෝජනයට ලක් කළේ කවුරුන්ද.

දැරියගෙන් හෙලි විය හැකිව තිබුණු රහස එයයි.

කප් ගහපු කට්ටිය

රිෂාඩ්ගේ පවුලේ උදවිය ඒ වැඩේට කප් ගහපු කට්ටිය.

රිෂාඩ්ගේ බිරිඳගේ සොහොයුරා ඒ කියන්නේ මස්සිනා එහි ප්‍රමුඛයා.

අද තරුණියක්ව සිටින එදා දැරියක්ව සිටි රිෂාඩ්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටී තවත් දැරිවියකට ඔය කැත වැඩේ දෙපාරක් කරපු නිසා මස්සිනා දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ.

දෙවෙනි මරණ පරීක්ෂණයෙන් දැරිවියට ලිංගික අපයෝජනයක් සිදුව ඇති බව තහවුරු වුවහොත් දැරිය ගිනි තියා ගත්තාද නැතිනම් දැරියට ගිනි තිබ්බාද කියන එක ජන සමාජයට තීන්දු කරන්න පුළුවන්.

එතනදි තමයි මේ ලිපියේ මාතෘකාව වැදගත් වන්නේ.

කළේ අත්හදා බැලීමක්ද

රිෂාඩ්ගේ ජාතියේ චාරිත්‍ර වලට අනුව මැරුණම පුච්චන්න බැහැ.එහෙම කලොත් දෙයියො ගාවට යන්න බැහැ.කන්‍යාවියෝ හැත්තෑ ගාන මිස් වෙනවා.

මිය ගිය දැරිවිය දමිල.

ඒ නිසා රිෂාඩ් රැදවුම් භාරයේ තපින වෙලාවේ දමිළ දැරිවියක් පුච්චලා මරණ අලුත් අත්හදා බැලීමක් රිෂාඩ්ගේ බිරිඳ , මාමණ්ඩිය සහ නැන්දනිය සෙට් වෙලා කළාද දන්නෙත් නැහැ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 August 2021 20:51

Related items