April 27, 2024

නැදුන්ගමුවේ රාජාගේ දේහයේ කොටස්වලට කරන දේ කෞතුකාගාරයෙන් කියයි

නැදුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරිමේ දී එම සත්ත්වයාගේ සම, දළ යුගලය සහ හිස් කබල එලෙසම භාවිතයට ගන්නා බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය ප්‍රකාශ කළා.

පසුගියදා මියගිය නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම්කර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයාට දැනුම් දෙනු ලැබුවේ.

මේ අතර 2020 වසරේ ශ්‍රීපාද රක්ෂිතයේ දී මද්දකට හසුවීමෙන් පසු මියගිය කලු කොටියාගේ සිරුරද සංරක්ෂණය කිරීමට ජාතික කෞතුකාගාරය පියවර ගනු ලැබූවා.

කෙසේ වෙතත් මේ දිනවල එම සත්වයාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අතර ඒ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය කියා සිටියේ, එය සංරක්ෂණය කටයුතු නිමවීමට පෙර ගත් ඡායාරූපයක් බවයි.

Rate this item
(0 votes)