April 19, 2024

නැදුන්ගමුවේ රාජා හස්තියා රැකබලා ගත්තාට කළු මාමාට ස්ථාවර තැන්පතුවක්

පුණ්‍යවන්ත නැදුන්ගමුවේ හස්ති රාජයා රැකබලා ගැනීම වෙනුවෙන් වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතාටත්, විල්සන් කොඩිතුවක්කු (කළු මාමා) මහතාටත් ගෞරව උපහාර පිදීම රාජ්‍ය දැව සංස්ථාවේ සම්පත්පාය ශ්‍රවණාගාරයේ දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී ආචාර්ය හර්ෂ ධර්මවිජය මහතා වෙත උපහාර සන්නස් පත්‍රයක් ද දැව සංස්ථාවේ අනුග්‍රහයෙන් වටිනා ආලින්ද පුටුවක් ද පිරිනමන ලද අතර හස්ති රාජයා වෙනුවෙන් මුළු දිවියම කැප කළ විල්සන් කොඩිතුවක්කු (කළු මාමා ) මහතා වෙත රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් හා රාජ්‍ය දැව සංස්ථවේ අනුග්‍රහයෙන් වටිනා පුටු කට්ටලයක්ද පිරිනමා තිබෙනවා.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ද, රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති එම්.එස්.කරුණාරත්න මහතා ද, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 March 2022 13:48