May 18, 2024

මිතුරෙකු ලවා තම බිරිඳට ලිංගික අතවර කරවූ සැමියාට වැඩ වරදී

තමා ඉදිරිපිටදීම මිතුරෙකු ලවා තම බිරිඳට බරපතළ ලිංගික හිංසනයක් සිදු කළ පුද්ගලයෙකු පිළිබඳව කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පුද්ගලයා තම බිරිඳට ආයුධයක් පෙන්වා බියගන්වා අදාළ මිතුරාට මෙම ලිංගික අතවරය සිදු කිරීමට ඉඩ සලස්වා ඇති බව යි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් වූ නඩුව කෑගල්ල අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී නියම කෙරුණේ හිංසනයට ලක් වූ කාන්තාවගේ සැමියාට සහ ඔහුගේ මිතුරාට පළමු චෝදනාවට වසර 12ක්ද, දෙවැනි චෝදනාවට වසර 10ක්ද බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර එම සිර දඬුවම් එකවර ගෙවී යන ලෙසටත් වැරැදි දෙකටම රුපියල් දස දහස බැගින් විසි දහසක දඩයක්ද ගෙවන ලෙස යි.

එමෙන්ම එක් වැරැදිකරුවෙක් රුපියල් එක් ලක්ෂ පනස් දහස බැගින් වූ වන්දි වශයෙන් මුදල් රුපියල් ලක්ෂ තුනක්ද පැමිණිලිකාරියට ගෙවන ලෙස අධිකරණයෙන් නියම කෙරුණා.

තම නඩුව සියැසින් දැකබලා ගැනීමට පැමිණ සිටි පැමිණිලිකාර කාන්තාව මහාධිකරණ විනිසුරුවරයාට දෑත් එක්කොට වැඳ හිස නවා අධිකරණ ශාලාවෙන් පිටව ගිය බව යි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)