May 21, 2024

කාමාතුරයින් 5ක් එක් වී දැරියක් සමූහ දූෂණය කර දරුණු වද හිංසා කරලා

නිරන්තරයෙන් වාර්තාවන කාම අපරාධ මේවන විට සමාජය වෙළාගෙන ඇති අඳුරු ඛේදවාචකයක් බවට පත්වී හමාරයි.

සෑම දිනකම පාහේ මෙවැන්නක් අසන්නට ලැබෙන අතර අප අතරම සැරිසරන මෙවන් කාමාතුරයින්ට හසුවන්නේ බොහෝ විට කුඩා දරුවන්.

අතවර කිරීමෙන් නොනැවතී ඔවුන්ගේ ජීවිතය පවා උදුරාගන්නට මේ පාපතරයින් පසුබට වන්නේ නැහැ.

එවන් අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව අද උදෑසන ද වාර්තා වුණා.

මෙම අනුවේදනීය ඉරණමට මුහුණ දී ඇත්තේ 17 වියැති දැරියක්.

හිත් පිත් නැති කාමාතුරයින් පස්දෙනෙකු එකතු වී ඇයව අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට තිබෙනවා.

දැරිය එලෙස දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව විකෘති ආශාවන් ඇති මෙම අපරාධකරුවන් පස්දෙනා ඇයට කෘෘර වද හිංසා පමුණුවා ඇති බව යි වාර්තා වන්නේ.

ඇගේ රහස් ප්‍රදේශවලට ලී දඬු ඇතුළු කර ඇති අපරාධකරුවන් මරණය පෙනි පෙනී සිටිය දී දැරිය පාළු පෙදෙසක අතහැර දමා ගොස් තිබෙනවා.

දැරියගේ ලිංගික අවයවයන්ට සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට දැඩි හානි සිදුව ඇති බව වාර්තාවන අතර මේ වනවිට රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඇයගේ තත්ත්වය බරපතල බව යි වාර්තා වන්නේ.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූයේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙනි.

Rate this item
(4 votes)
Last modified on Friday, 24 June 2016 10:14