May 21, 2024

5ක් එක්ව සමූහ දූෂණය කළ අවිස්සාවේල්ලේ තරුණ මව

අවිස්සාවේල්ල, කරඳන ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියක් පුද්ගලයින් 5දෙනෙකු එක් වී සමූහ දූෂණයට ලක් කොට ඇති බව වාර්තා වනවා.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ එක් දරු මවක්වන අතර ඇගේ මාස 6ක් පමණ වයසැති දරුවා සමග නිවසේ සිටිය දී ඇය මෙම අපරාධයට මුහුණ දී ඇති බව පැවසෙනවා.

ඇගේ සැමියා ඇයව හැර ගොස් ඇති බව වාර්තාවන අතර ඇය රැඳී සිට ඇත්තේ ඇගේ නැගණියගේ නිවසේ යි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

Rate this item
(9 votes)
Last modified on Thursday, 14 July 2016 14:02