June 18, 2024

මෛත්‍රී ලක්ෂ 11 සීමාව පසු කරයි 

September 15, 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවේ කැමැත්ත පළකිරීම (like) ප්‍රමාණය ඊයේ(14) දිනය වනවිට ලක්ෂ 11 සිමාව පසුකර තිබේ.

ඒ අනුව like ප්‍රමාණය ලක්ෂ 11 සීමාව පසුකර ඇති ශ්‍රීලංකාවේ එකම සහ ප්‍රථම දේශපාලනඥයා වීම විශේෂත්වයකි.

ඊයේ වන විට ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ like ප්‍රමාණය සටහන් වී තිබුනේ 1,100,133 ලෙසය. මිට මාස 2කට පෙර ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුව මිලියනය සීමාව ඉක්මවා තිබූ අතර ලක්ෂ 11ක සීමාව අවුරුද්දයි මාස දහයක් ඇතුලත පසුකර තිබීම විශේෂත්වයකි.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුවේ කැමැත්ත පළකිරීම (like) සියයට 200කින් වර්ධනය වී තිබිණි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අංක 1 ස්ථානයේ පසුවෙද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන ස්ථානයේ පසුවෙයි. ඔහුගේ ෆේස්බුක් පිටුවේ කැමැත්ත පළකිරීමේ (like) ප්‍රමාණය ඊයේ (14) දිනට 1,068,640කි. එනම් ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවට වඩා like 31,000 පමණ පිටුපසින් පසුවෙයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුව ආරම්භ කර ඇත්තේ මීට වසර 7කට පෙරය.

MRFB 600px 16 09 15

තුන්වන ස්ථානයේ පසුවන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවයි. 

Rate this item
(1 Vote)