May 13, 2024

ෆොන්සේකා එජාපයට?

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාගේ ආරාධනාවකට අනුව ෆොන්සේකා මහතා මෙසේ එම පක්ෂයට එක්වන බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව ද කැළණියේ එජාප ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් ද සරත් ෆොන්සේකා මහතාට එජාපය හා එකතු වන ලෙසත් කැළණියේ එජාප සංවිධායක ධූරයට පැමිණෙන ලෙසත් ඉල්ලා ඇතැයි පැවසේ.

මේ අතර ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වෙනවාද නැද්ද යන්න පිළිබඳව අනිද්දා (02) පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගනු ඇතැයි එම පක්ෂයේ ලේකම් ගයා බස්නායක මහතා පවසා තිබේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට ද නියමිතව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2016 13:17