May 04, 2024

ජිනීවා ගැන දෙමළ සන්ධානයේ මත දෙකක් (VIDEO)

තව දින 07 කින් ආරම්භවීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට සහභාගිවන බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් පවසයි.

කෙසේ වුව ද සැසිවාරයට එක්වනවා ද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සඳහන් කරයි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ස්විට්සර්ලන්තයේ - ජිනීවා නුවර දී එළැඹෙන 14 වැනි දා ආරම්භවන අතර එය  ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා පැවැත් වේ.

ශ්‍රී ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතවීම හේතුවෙන් මෙවර සැසිවාරය සුවිශේෂ වේ.

මානව හිමිකම් සැසිවාරයේ න්‍යාය පත‍්‍රයට අනුව, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 30 වැනි දා විවාදයට ගැනීමට නියමිත ය. එම වාර්තාව මේ මස මැද භාගයේ දී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වාර්තාව විවාදයට ගැනීමට පෙර එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 07 September 2015 14:34