May 01, 2024

විපක්ෂ නායකවරයා මන්නාරම් රදගුරු හමුවෙයි

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (17) අසනීප තත්ත්වයේ පසුවන මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් පියතුමාගේ සුවදුක් විමසීමට මන්නාරම රඳගුරු නිවස වෙත ගොස් තිබේ.

ඊයේ විපක්ෂ නායකවරයා මන්නාරම දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සමඟ මන්නාරමේ දී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ රඳගුරු පියතුමන් බැහැදැකීමට ගොස් ඇත.

එහිදී හිටපු රඳගුරු පියතුමා සහ විපක්ෂ නායකවරයා අතර වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්, නව ව්‍යවස්ථාවට එක් වියයුතු කරුණු සම්බන්ධයෙන් සහ ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ වත්මන් තත්ත්වය යනාදී කරුණූ රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබේ.

එම සාකච්ඡාව සඳහා රඳගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ද ඉලංකෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් මෙම ගමනට සහභාගී වී ඇත.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Monday, 18 July 2016 10:40