May 02, 2024

සරසවියේ ගැටුම ගැන දෙමළ ජාතික සන්ධානයෙන් නිවේදනයක්

පසුගියදා යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම පිළිබඳව අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔවුන් ඉන් ප්‍රකාශ කොට ඇත්තේ සිංහල සිසුන් සහ දෙමළ සිසුන් අතර ඇතිවූ මෙම ගැටුම රටේ සැබෑ සංහිඳියාවට බාධාවක් බවත් එම ගැටුම තමන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත්ය.

එමෙන්ම මෙවැනි සිදුවීම් යළි ඇතිවීම වළක්වා ගන්නා ලෙස සියලුම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටින බව ද දෙමළ සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ඉදිරියේදී මෙවැනි  මත ගැටුම් සිදු නොවීමට වග බලා ගන්නා ලෙසත් අධ්‍යාපන කටයුතුවලදී සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් එම සිසුන්ගෙන් ඉල්ලා සිටින බවයි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 18 July 2016 17:11