May 01, 2024

'කොස්ගම පාඩමකට ගන්න - උතුරේත් කඳවුරු ඉවත් කරන්න' - දෙමළ සන්ධානය

කොස්ගම, සලාව යුධ හමුදා කඳවුරේ සිදු වූ පිපිරීම උදාහරණයක් සේ සලකා උතුරේ පිහිටි යුධ හමුදා කඳවුරු ඉවත් කිරීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (07) යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍රන් මහතා, " දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල හමුදා කඳවුරු කිහිපයක්ම තියෙනවා. එ්වා තියෙන්නේ ජන ශූන්‍ය ප්‍රදේශවල නෙවෙයි. යාපනය, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම යන දිස්ත්‍රික්ක වල කිසියම් පිපිරීමක් සිදුවුවහොත් ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙනවා. මම හිතනවා රජය දැන්වත් උතුරේ ඇති හමුදා කඳවුරු සුදුසු ස්ථාන වලට මාරු  කරයි කියලා " යනුවෙන් කියාසිටියේ ය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කළේ රජය මේ වෙනුවෙන් කඩිනම් පියවර ගතයුතු බවත් සාමාන්‍ය වැසියන් ජීවත්වන ප්‍රදේශවලින් හමුදා කඳවුරු ඉවත් කිරීමට ඔවුන් සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යන්න භේදයක් නොවිය යුතු බවත් ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 June 2016 11:22