May 02, 2024

දෙමල සන්ධානය, නිදහස් පක්ෂය සමග සන්ධාන ගතවීමේ සූදානමක් (VIDEO)  

ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව තරග කිරීමේ ලකුණු පහළ වී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි. 

දෙමළ ජාතික සන්ධානයේ නායකවරයා දැනටමත් ජනාධිපතිවරයාගෙන් ඒ පිළිබඳ විමසා ඇති බවත් දෙමල සන්ධානය ශ්‍රීලනිපය සමග සන්ධාන ගත වුවහොත් විශාල ශක්තියක් බවත් ඊයේ(14) පිටකෝට්ටේ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව ඔහු පැවසී ය.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයේදී තරග කරන බවත් නොසිතන කණ්ඩායම් පවා ශ්‍රීලනිපය සමග සන්ධාන ගත වීමට සූදානම් වන බවත් මහ ඇමතිවරයා සඳහන් කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 15 September 2016 15:20