May 02, 2024

දෙමළ ජාතික සන්ධානයේ විශේෂ හමුවක් (PHOTOS)

විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයට අයත් සියලුම පක්ෂවල ජනතා නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (16) වව්නියාවේ පෞද්ගලික හෝටලයක දී පැවත්විණ.

නව ව්‍යවස්ථාව සම්බන්යෙන් කරුණු සාකච්ඡා කිරීම, අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මියගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම, උතුරු පලාත් සභාවේ පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් පලාත් සභා මැති ඇමතිවරුන් සමඟ සාකච්ඡා කිරීම හා දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවෙහි මූලික අරමුණ වී ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා උතුරු පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සහභාගී නොවුණි.

ඡායාරූප පහතින්.

වන්නි - රෝමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Saturday, 16 July 2016 15:12